ආදරය
ආදරය කියලා කියන්නේ තේරුම් ගන්න බැරි දෙයක්
එක එක වර්ගවල මිනිස්සු ජීවිතේට එනවා
සමහරු ආදරේ දෙනවා
සමහරු වේදනාව දෙනවා
ඒ මිනිස්සු අපිට ලං වෙන්නේ ආදරේ දෙන්නද වේදනාව දෙන්නද කියලා තේරුම් ගන්න නම් එයාලාව අපේ ජීවිත කතාව ඇතුලට ගන්නම වෙනවා
අපි සමහර මිනිස්සුන්ට ආදරේ කරනවා
ඒ මිනිස්සුත් අපිට ආදරේ කරනවා
ඒත් කාලයක් යනකොට ආදරේ කියන දේ තේරුම් ගන්න බැරි වෙනවා
ප්‍රශ්න එනවා
දෙන්නාගේ ආදරේ නතර වෙනවා
ඊට පස්සේ වේදනා විදිනවා
සමහර මිනිස්සු ඉන්නවා ආදරේ කියන දේ ප්‍රකාශ කරගන්න බැරුව ඒ මිනිස්සු ආදරේ නිසා වේදනා විදින මිනිස්සුන්ට වඩා වේදනා විදිනවා
ආදරේ කියන දේ නිසා සතුටින් ඉන්න මිනිස්සු මම දැකලා තියෙනවා
ඒත් ඒ මිනිස්සුත් කාලයක් ආදරේ කියන දේ නිසා වේදනාවෙන් ඉන්න ඇති
ආදරේ කියනේ වේදනාවක් ද?
මං නම් හිතන්නේ ඔව් කියලා

